fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජංගම ලී මෝල් පමණක් තහනම් – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 16:36

ජංගම ලී මෝල් පමණක් තහනම් –  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

සාම්ප්‍රදායික වඩු මඩු තහනම් නොකෙරෙන අතර ජංගම ලී මෝල් පමණක් තහනම් කෙරෙන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විෂය භාර අමාත්‍යවරයා ලෙස 2014 දෙසැම්බර් 3 වන දින ප්‍රකාශයට පත්කළ අංක 1891/ 26 දරණ දැවමඩු ලියාපදිංචිය හා දේපළ සළකුණු අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සාම්ප්‍රදායික වඩුමඩු තහනමට ලක්නොවන අතර 2022 වසරේ දෙසැම්බර් 31 වන දිනෙන් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවීමට නියමිතයි. දිවයින පුරා ජංගම ලී මෝල් 300ක් පමණ මේ වන විට ලියාපදිංචි කර තිබෙනවා.

නිකුත් කිරීමට යෝජිත ගැසට් නිවේදනය මගින් තහනමට ලක්වන්නේ මෙම ලී මෝල් පමණක් බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පෙන්වා දෙන්නේ. මෙතෙක් ලියාපදිංචි කර ඇති ජංගම ලී මෝල් 2022 වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු තවදුරටත් පවත්වාගෙන යාම සදහා අවසර පත්‍ර නිකුත් නොකරන අතර දැව ව්‍යාපාර සදහා වන ලියාපදිංචි කිරීමේ  සහතිකය ද ස්වයංක්‍රීයව අවලංගු වනු ඇති. නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලී ලබා ගන්නේ නම් ඕනෑම අයෙකුට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට මෙම නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රයට අනුව බාධාවක් ඇති නොවන බවද එම අමාත්‍යාංශය අවධාරණය කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්