fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා අවුරුදු 21න් පහළ ජාතික හොකී තරගාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:51

කාන්තා අවුරුදු 21න් පහළ ජාතික හොකී තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා හොකී සංමේලනය පළමුවරට සංවිධාන කරන කාන්තා අවුරුදු 21න් පහළ ජාතික හොකී තරගාවලිය ආරම්භ වුණා.

කොළඹ කෘත්‍රිම හොකී ක්‍රිඩාංගනයේදී ආරම්භ වූ තරගාවලිය දින තුනක් පුරා පැවැත්වෙනවා. පාසල් හොකි කණ්ඩායම් ඇතුළු දිස්ත්‍රික් හොකි කණ්ඩායම් දහයක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනවා.  සැප්තැම්බර් නව වනදා සිට පහලොස්වනදා දක්වා පැවැත්වීමට නියමිත ආසියාතික හොකි කුසලානය සදහා එක්වන  ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනිම මෙහි අරමුණයි. තරගාවලියේ පළමු තරගය මහනුවර දිස්ත්‍රික් හොකි කණ්ඩායම සහ කොළඹ පාසල් හොකි කණ්ඩායම අතර පැවැත්වුනා. එහිදි ලකුණු දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනිමට මහනුවර දිස්ත්‍රික් හොකි කණ්ඩායම සමත් වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්