fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේ සිටම අභ්‍යවකාශයට යාමට සංචාරකයන්ට අවස්ථාව

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:45

ලබන වසරේ සිටම අභ්‍යවකාශයට යාමට සංචාරකයන්ට අවස්ථාව

ලබන වසරේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරය කිරීමට සංචාරකයින්ට අවස්ථාව හිමිවන බව නාසා ආයතනය පවසනවා.

ඇමෙරිකා අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහන් කරන්නේ සංචාරකයින්ට සහ අනෙකුත් පෞද්ගලික ව්‍යාපාර කටයුතු සදහා අභ්‍යවකාශය විවෘත වනු ඇති බවයි. ඔවුන් මේ බව සඳහන් කළේ නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ව්‍යාපෘතිය ආරම්භ කරමින් පළමු පර්යේෂණ චාරිකාව මෙම වසර අවසානයේ දී සිදු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව පළමු සංචාරය ලබන වසර  මුලදී සිදු කෙරෙන බව නාසා ආයතනය වැඩිදුරටත් සදහන් කළා. එම සංචාරයක් සදහා එක් රාත්‍රියකට ඇමෙරිකා ඩොලර් තිස්පන්දහසක මුදලක් එක් අයෙකුගෙන් අයකර ගන්නා බවයි නාසා ආයතනයේ විද්‍යාඥයින් සදහන් කරන්නේ. මාසයක් සදහා මුළු චාරිකාවේ වියදම ඩොලර් මිලියන 50 ඉක්මවනු ඇති. ඒ අනුව බෝයිං සහ ඇලන් මාස්ක්ගේ ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සියුල් යානා මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සංචාරකයින් රැගෙන යනු ඇති.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්