fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:29

ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබු එකොලොස්වන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්වන තරගය මෙයයි. එංගලන්තයේ බ්‍රිස්ටල් ප්‍රදේශයට ඇදහැලුන වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය පවා උරගා බැලිමට නොහැකි වුණා. දිගින් දිගටම වර්ෂාව ඇදහැලිමත් සමඟ ක්‍රිඩාංගනය තරගය පැවැත්විම සදහා සුදුසු මට්ටමක නොමැති බවටයි විනිසුරුවන් තිරණය කෙරුණේ.

කෙසේ වෙතත් මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.45ට බ්‍රිස්ටල් ක්‍රිඩාංගනය අවසන්වරට විනිසුරුවන් නිරික්ෂණය කිරීමෙන් පසු තරගය අතහැර දැමීමට තීරණය කළා. ඒ අනුව කන්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. මේ හේතුවෙන් නවතම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්