පරිසරය රැක ගැනීමට අසමත් වුවහොත් ඉදිරි වසර 15, 20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහනුවර දුනුමඩලාව ප්රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.
මහනුවර මහ නගර සභාවට අයත් දුනුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගාව ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (06) පස්වරුවේ මෙම භූමියේ උත්සවයක් පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන්. මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා දුනුමඩලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කළා. ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතුවේ ඉන් අනතුරුවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/XvL1x25McIs”]