අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දස දෙනෙකුට අධි චෝදනා
Related Articles
මහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් එහි හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු දස දෙනෙකුට එරෙහිව චෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා අධි චෝදනා සකසා අවසන් බව අධිකරණය හමුවේ අද(07) ප්‍රකාශ වුණා.
එම අධිචෝදනා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත ගොනු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ. අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ඇලෝෂියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝෂියස්, පුශය මිත්‍ර ගුණවර්ධන, රංජන් හුලුගල්ල, මුතුරාජ සුරේන්ද්‍රන් හා ගාර්දිය පුංචිහේවා එම දස දෙනායි.
ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කෙරෙනු ඇති. රුපියල් බිලියන 10 යි දශම බින්දුවයි පහයි අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස පරිහරණය හා කුමන්ත්‍රණය කිරීමත් ඒ තුළින් රජයට රුපියල් බිලියන හැටඅටකෝටි අසූහත් ලක්ෂ හැටදෙදහස් සියයක මුදලක් පාඩු කළ බවටත් නීතිපතිවරයා චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළා.