අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත තමන් ලිපියක් යැවූ බවට සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරය අසත්‍යයක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.
ඒ සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිලි කර ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ක්‍රියා කලාපය විවේචනයට ලක්කරමින් ඒ පිළිබදව පැමිණිලි කරමින් අමාත්‍යවරයා පාප් වහන්සේ වෙත ලිපියක් යවා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචරය වනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ හුවමාරුවන ලිපිය මුලිමනින්ම අසත්‍ය එකක් බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් පණිවුඩය මගින් තවදුරටත් අවධාරණය කරන්නේ.