fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 12:06

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම කෙරේ

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වනදා සිට සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. තමා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ජයසුන්දර මහතා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

පෙත්සම වෙනත් දිනකදි සලකා බලන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනිද සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලිමක් කළේ. ඒ පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බව සදහන් කරමින්. එභෙත් පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා එයට විරෝධය පළකර තිබෙනවා. ඒ අනුව ලබන 24 වනදා සිට පෙත්සම සලකා බලන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නෙ. පූජිත් ජයසුන්දර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (07) විභාගයට ගත්තේ බුවනෙක අලුවිහාරේ , ප‍්‍රසන්න ජයවර්ධන සහ එල් ටී බී දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල විනිසුරුමඩුල්ලක් හමුවේ.

වැඩබලන පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න , කථානායක කරූ ජයසුරිය , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා. ඔවුන්ට නොතිසි භාරදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බවයි අප අධිිකරණ වාර්තාකරු සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්