fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියානු සංචාරයේදී ෂි ජින්පින් ‘හොඳම මිතුරා’ ලෙස පුටින්ට ප්‍රශංසා කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 11:41

රුසියානු සංචාරයේදී ෂි ජින්පින් ‘හොඳම මිතුරා’ ලෙස පුටින්ට ප්‍රශංසා කරයි

වෙළදාම සහ සහායෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් චීන ජනාධිපති ෂි ජින් පින් හා  රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ඊයේ සිදුවුණා ඒ රුසියාවේ සෙන් පීටර්ස් බර්ග් හිදීයි.

රුසියා ජනාධිපතිවරයා, චීන ජනාධිපතිවරයාට නීවා ගංගාව ආශ්‍රිතව සංචාරයක නිරතවීමට ද ආරාධනා කළා.  චීන ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයින්ට ගංගාව දෙපස පිහිටි ගොඩනැගිලි හා ස්වභාව සෞන්දර්යයෙන් යුත් ස්ථාන සම්බන්ධයෙන් හැදින්වීමක්  ද සිදු කෙරුණා.

ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ චීන සංචාරකයින් විශාල වශයෙන් මෙහි පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. එම නගරයේ ඓතිහාසික හා වත්මන් සිදුවීම් පිළිබදව ද ජනාධිපතිවරුන් දෙදෙනා මෙහිදී සාකච්ඡා කළා. දෙරට අතර පවතින දේශපාලනික, සාමය, ආරක්ෂාව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් පිළිබදව ද සාකච්ඡා කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්