fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධීව රැගෙන විත් තිබූ දුම්වැටි තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 11:03

නීති විරෝධීව රැගෙන විත් තිබූ දුම්වැටි තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි තොගයක් සැකකරුවන් දෙදෙනෙකු ද සමග අත්අඩංගුවට ගැණුනා. පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.

එම දුම්වැටි තොගය අදාළ සැකකරුවන් දෙදෙනා විසින් වෑන් රථයකින් වෙළෙදසැල්වලට අලෙවිකරමින් සිටි බවයි පොලීසිය පවසන්නේ. කළුවරගස්වැව ප්‍රදේශයේ දීයි ඔවුන් අත්අඩංගුවට පත්වුණේ. දුම්වැටි ප්‍රවාහනය කළ වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සාලියවැව පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්