ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර හමුදා පුහුණු කදවුරක සෙබලුන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට පත්වීමෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව විසි දෙදෙනෙකු තුවාල ලැබුවා.
ට්‍රක් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙනුයි අනතුර සිදුවුණේ. පුහුණු වීම් සදහා යන අතරතුරදීයි ට්‍රක් රථය මෙසේ පෙරළීමට ලක්වුණේ. එරට හමුදා ප්‍රධානීන් පවසන්නේ යුද මෙහෙයුම් අතර තුරදී මිය යන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක්, හමුදා පුහුණු අභ්‍යාසවලදී මිය යන බවයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබදව ට්විටර් ගිණුම ඔස්සේ සිය ශෝකය පළ කර තිබෙනවා. පසුගිය වසරේද මෙවැනිම අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.