fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවදිල්ලි නුවර කාන්තාවන්ට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමට අවස්ථාව

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 18:55

නවදිල්ලි නුවර කාන්තාවන්ට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමට අවස්ථාව

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සීමාවේ කාන්තාවන්ට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා. නව දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් මෙම තීරණය ගත්තා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 700 ක මුදලක් වැය වන බවද ප්‍රධාන අමාත්‍යවරයා  සඳහන් කරනවා. බස් රථවල සහ මෙට්‍රෝ දුම්රියවල නොමිලේ ගමන් කිරීමේ හැකියාව සැළසීමෙන් දිල්ලි නගරයේ කාන්තාවන්ගේ ආරක්ෂාව වර්ධනය කිරීමට හැකි වන බවද නව  දිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. දිල්ලි නගරය ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වැඩි සංඛ්‍යාවක් වාර්තාවන නගරය වනවා. පසුගියදා පැවති එරට මැතිවරණයෙන් පසු අරවින්ද් කෙජ්රිවාල් නියෝජනය කරන ආම් අදාමි පක්ෂයට ලෝක් සභාවේ ආසන 07 ක් අහිමි කරගත්තා. ඒ සමගම මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්