හිටපු ආණ්ඩුකාරවරුන් වන එම් ඒ එල් එම් හිස්බුල්ලා , අසාද් සාලි සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට එරෙහිව පැමිණිලි හතරක් ලැබී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.
පැමිණිලි ලබා ගැනිම සදහා උසස් පොලිස් නිලධාරින තුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා. එම කමිටුවට ලබන 12 වනදා දක්වා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.