fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ගෙන් ජනපතිට සංදේශයක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 17:12

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන්ගෙන් ජනපතිට සංදේශයක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප‍්‍රගතිශීලි සන්ධානයකට එළැඹීමටත්, එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මඟින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

අද (06) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප‍්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත‍්‍රපාල, ශ‍්‍රීයානි විජේවික‍්‍රම, මොහාන් ලාල් ගේ‍්‍රරු, ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු මන්තී‍්‍ර කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 17:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo