මහබැංකු බැදුම්කර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන අයට විදේශගතවීම සදහා පනවා ඇති තහනම තාවකාලිකව ලිහිල් කෙරුණා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්.
සැකකරුට ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාරය කිරීමට අවශ්‍ය බවට ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීමකට අනුවයි විදේශගතවීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කෙරුණේ.