නීතිවිරෝධීව ඔස්ටේරිලියාවට යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් විසිනව දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන 20 වනදා දක්වා.
ගාල්ල මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතායි නියෝගය නිකුත් කළේ. හලාවත මුහුදු වෙරලින් බහුදින යාත්රාවක නැගී ඔස්ටේරිලියාව බලා යමින් සිටි 41 දෙනෙකු නාවික හමුදාව පසුගියදා අත්අඩංගුවට ගත්තා.
ඒ අතර සිටි බාලවයස්කරුවන් 8 දෙනෙකු මුදාහැරිමටයි පියවර ගැණුනේ. කාන්තාවන් 4 දෙනෙකුද රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත නිදහස් කර තිබෙනවා.