fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝකන්දර ප‍්‍රදේශයට අනිද්දා පැය 24 ක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 15:13

හෝකන්දර ප‍්‍රදේශයට අනිද්දා පැය 24 ක ජල කප්පාදුවක්

හෝකන්දර ප‍්‍රදේශයට අනිද්දා (08) උදෑසන නවයේ සිට ඉරිදා(09) උදෑසන නවය දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන්. තවත් ප‍්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීමට තීරණය කර තිබෙනවා. කොළඹ, දෙහිවල, ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශය ඊට ඇතුලත්.

මහරගම , බොරලැස්ගමුව නගර සභා බල ප‍්‍රදේශ මෙන්ම කොටිකාවත්ත , මුල්ලේරියාව ප‍්‍රාද‍ේශීය සභා බල ප‍්‍රදේශවලට ද අඩු පීඩනයකින් ජලය සැපයීමටයි නියමිත. රත්මලාන හා සොයිසාපුර මහල් නිවාසවලටද එම තත්වය බලපැවැත්වෙන බවයි ජල සම්පාදන මන්ඩලය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo