fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති 650 ක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 12:04

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති 650 ක්

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වැන දිනය නිමාවන විට මුලතිව් දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති 650 ක් ක්‍රියාත්මක කළ බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා. ඒ වෙනුවෙන් ගත වූ දින තුළ වැය කර ඇති මුදල රුපියල් මිලියන 52 දශම 04 ක්. මෙම වැඩසටහනේ සිව්වැනි දිනය අදයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක ක්‍රියාත්මක රටවෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ ඊයේ දිනය තුළ පමණක් ව්‍යාපෘති 169 ක් ක්‍රියාත්මක කළා. ගත වූ තෙදින තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ ලැබූ පිරිස 37000කට අධිකයි. අද දිනය තුළ මුලතිව් දිස්ත්‍රික්කයේ වැඩසටහන 269 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වැඩසටහන් 27 ක්, වැළි ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 14 ක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 58 ක්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 55 ක් ක්‍රියාවට නැංවෙනු ඇති. තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 56 ක් සහ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 59 ක්ද අද දිනය තුළ ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතුරින් වැඩසටහන් 209 ක් ක්‍රියාත්මක කෙරෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලික ව්‍යාපෘති යටතේයි එහිදී නව නිවාස විවෘත කිරීමේ වැඩසටහන්, ඉඩම් බෙදාදීමේ වැඩටහන්, නව නිවාස ලබා දීමේ ව්‍යාපෘති ඇතුළු වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo