fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 16 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 11:53

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 16 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව උතුරු මුහුදේ වැටලීම් කිහිපයක් සිදු කළා. එහිදී අත්අඩංගුවට ගැනීම් කිහිපයක් ද සිදුකළ බවයි නාවික හමුදාව පවසන්නේ.

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු මුලතිව් අලම්පීල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අල්ලා තිබූ මසුන් තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් ඇතුළු දැල් ආම්පන්නද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

මන්නාරම ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 140 කට අධික ප්‍රමාණයක් සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව මගින් සොයා ගැනුණා. ඒ මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදීයි. නාවික හමුදාව පැමිණීමත් සමඟ කේරළ ගංජා තොගය අතහැර සැකකරුවන් පළා යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර පලෙයිතිව් වෙරළ තීරයේ සිදුකළ පාමුර සංචාරයකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 60 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මෙම බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ සදහා කයිට්ස් පොලිසිය වෙත භාර දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්