විරෝධතා කරුවන් ඝාතනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සුඩාන රජය ප්‍රකාශ කළා.
විරෝධතා කරුවන් සිය දෙනෙකු ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවයි විපක්ෂ කණ්ඩායම් පවසන්නේ. එහෙත් එය අසත්‍යයක් බව පෙන්වා දෙන සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මිය ගිය ගණන 46 ක් බවයි.
කෙසේවෙතත් මිය ගිය 40 දෙනෙකුගේ සිරුරු නයිල් ගංගාවට විසිකර ඇති බවද විපක්ෂ කණ්ඩායම්වලට සම්බන්ධ වෛද්‍යවරුන් පවසා තිබෙනවා. හිටපු ජනාධිපති ඕමාර් අල් බසීර් කුමන්ත්රණයකින් පහ කිරීමෙන් පසු දැනට එහි ක්‍රියාත්මක වන්නේ හමුදා පාලනයක්. ප්‍රජාතන්ත්‍රවාදීව රටේ මැතිවරණයක් පවත්වන ලෙස විරෝධතා කරුවන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.