විදුලි සැර වැදීමෙන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අකුරැස්ස තලහගම ගොනකමුල්ල ප්‍රදේශයේදීයී අනතුර සිදුව ඇත්තේ. අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක මොවුන් ගැටී තිබෙනවා. මෙම අනතුර පිලිබද අකුරැස්ස පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කරන්නේ. මෙසේ මියගොස් ඇත්තේ තලහගම ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන් දෙනෙක්. මිය ගිය තුන් දෙනා 45 / 56 සහ 76 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් වනවා. මෙසේ විදුලි සැර වැදී ඇත්තේ අද පෙරවරු 7.30ට පමණයි. වල් ඌරන් ඇල්ලීම සදහා ඇට වූ විදුලි රැහැනකට මොවුන් හසු වී ඇති බවයි වාර්තා වන්නේ.