fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව සමඟ තරගයෙන් ඉන්දියාවට කඩුලු 6 ක පහසු ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:41

දකුණු අප්‍රිකාව සමඟ තරගයෙන් ඉන්දියාවට කඩුලු 6 ක පහසු ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

එංගලන්තයේ සවුතම්ටන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ඉනිමේ පළමු කඩුලු 5 බිද වැටුනේ මුළු ලකුණු පුවරුව ලකුණු 89 ක් ලෙස සටහන්ව තිබියදීයි. අනතුරුව පිටියට පිවිසි පසුපෙළ පිතිකරුවන් වගකීමෙන් ක්‍රීඩා කළා. මේ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 227 ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ක්‍රිස් මොරිස් ලකුණු 42 යි. පන්දු යැවීමේදී යුෂ්වේන්ද්‍ර චාහල් කඩුලු 4 ක් බිද දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා තරගය ජයග්‍රහණය වෙත කැදවාගෙන ගියා. ඔහු නොදැවී ලකුණු 122 ක් ලබා ගත්තා. ඔහුට අනගි සහායක් දැක් වූ ලෝකේෂ් රාහුල් ලකුණු 26 ක් හා මහේන්ද්‍ර සිංද්‍රෝනි ලකුණු 34 ක් ලබා ගත්තා. මේ අනුව පන්දුවාර 47 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 230 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්