fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:21

හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

අප්‍රේල් 21 දින රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි වරට අද(6) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

පෙ.ව. 11.00ට කාරක සභාවේ කටයුතු ආරම්භ වීමට නියමිත අතර කාරක සභාව හමුවේ සක්ෂි ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කැඳවා ඇතැයි කාරක සභාවේ සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මීට පෙර දින කාරක සභාවේ සාක්ෂි ලබාදිමට කැඳවා තිබුණි.

ITN News Editor
By ITN News Editor ජූනි 6, 2019 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්