පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය
Related Articles
පොසොන් උත්සවය ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
අනුරාධපුරය ඇතුලු දිවයිනේ සියලු පළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත්ව සැමරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුරයට ලක්ෂ 10 කට අධික සැදැහැවතුන් පිරිසක් මෙවර පැමිණෙනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මීට එක්ව සිටියා.