සුඩාන විරෝධතා අතර ඇතිවූ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව 60 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඔවුන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුඩාන හිටපු ජනාධිපති ඕමාර් අල් බසීර් ධුරයෙන් පහකර එරට පාලනය හමුදා යටතට ගැනීමෙන් අනතුරුවයි පසුගිය අපේ‍්‍රල් මස 6 වනදා සිට විරෝධතා ආරම්භ වුණේ. ඒ සිවිල් පාලනයක් ලබා දෙන ලෙස ඉල්ලමින්. සුඩාන අර්බුදය පිලිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස්වු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලා