සුර්ය බල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය යළි සමාලෝචනය කර තිබෙනවා. සේවා සපයන ආයතනවල සහ විදුලිබල මණ්ඩලයේ එකඟත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ.
ඒ අනුව කිලෝවොට් 50 ට අඩු ධාරිතාවක් සදහා විදුලිය මිලදී ගැනීමේදී ඒකකයක ගාස්තුව රුපියල් 19 යි ශත 75 ක් සහ කිලෝවොට් 50 සිට දහස දක්වා විදුලිය මිලදී ගැනීමේදී ඒකකයක ගාස්තුව රුපියල් 18 යි ශත 75 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා. කිලෝවොට් දහසට වඩා වැඩි ධාරිතාවකින් විදුලිය මිලදී ගැනීමේදී ඒකකයකට රුපියල් 16 ක් වශයෙන් ද මිල සංශෝධනය කළ බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/dTYfuht7LKo”]