fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ වසරේ මාරක රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාවේ අඩුවීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 14:34

මේ වසරේ මාරක රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාවේ අඩුවීමක්

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව ප‍්‍රකාශ කළා.

මේ වසරේ මාර්තු මාසය අවසන් වන විට මාර්ග අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 698 ක්. එහෙත් පසුගිය වසරේ එම සංඛ්‍යාව 849ක් බවයි මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව පවසන්නේ. පසුගිය කාලයේදි සැම පැය තුනකටම මාර්ග අනතුරුවලින් එක් අයෙකු මිය ගියා.

දිනකට මාර්ග අනතුරු නිසා 8 දෙනෙකු මිය යන බවයි මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේ. කෙසේවෙතත් මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 14:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්