fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසත්‍ය ප‍්‍රවෘත්ති සහ වෛරී ප‍්‍රකාශන සදහා නීතිමය පියවර ගැනීමට පවතින නීති සංශෝධනය කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 13:24

අසත්‍ය ප‍්‍රවෘත්ති සහ වෛරී ප‍්‍රකාශන සදහා නීතිමය පියවර ගැනීමට පවතින නීති සංශෝධනය කෙරේ

අසත්‍ය ප‍්‍රවෘත්ති සහ වෛරී ප‍්‍රකාශන සදහා නීතිමය පියවර ගැනීමට දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරිමට තීරණය කර තිබෙනවා. ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිවූ බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව අසත්‍ය ප‍්‍රවෘත්ති වරද සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්වන තැනැත්තෙකුට රුපියල් දස ලක්ෂයක් දක්වා දඩයක් හෝ වසර පහකට නොවැඩි සිර දඩුවමක් නියම කිරිමට හෝ එම දඩුවම් දෙකටම යටත් වන පරිදි නීති සංශෝධනය කෙරෙනවා. වෛරී ප‍්‍රකාශන වරද සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන අයෙකුට දඩයක් හෝ සිර දඩුවමක් නියම කිරිමට නිීති සංශෝධනය කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිවුණේ.

ඒ සදහා වූ යෝජනාව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතායි කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්