වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක පහක ඩෙංගු රෝග ව්‍යප්තිය ඉහල යාමේ අවදානමක් මතුව තිබෙනවා. කොළඹ , ගම්පහ, කලුතර , රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල අවදානම් තත්වය මතුව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ.
ඩෙංගු මර්දන වැඩසටහන් ගණනාවක් මේවන විට ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. නිවාස ඇතුලු පරිශ්‍ර පරික්ෂා කිරිම් සහ පිරිසිදු කිරීම්ද ඒ අතර වන බවයි අමාත්‍යාංශය පෙන්වා දුන්නේ.