රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන ව්‍යාපෘතියේ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහන්වලින් පුද්ගලයන් දාහත් දහස් දෙසීය තිස් දෙනෙකුට ප්රතිලාභ ලබාදී තිබෙනවා.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය තුන්වනදා. තුන්වන දිනයටත් අද (05) වැඩසටහන් ක්‍රියාත්මක බවයි එහි සිටින අප නියෝජිත සිතුමිණ සම්පත් කරුණාතිලක ප්‍රකාශ කළේ.
රට වෙනුවෙන් එකට සිටිමු මුලතිව් දිස්ත්‍රික් සමාප්ති වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන අටවනදා පැවැත්වෙනවා. එහිදී ඉඩම් හිමිකම් ප්රදානය ඇතුලු ජනතා සුබ සාධන වැඩසටහන් කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.