fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා අගමැති සහ ඔස්ටෙ‍්‍රිලියා අභ්‍යන්තර කටයුතු ඇමති අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:54

ශ‍්‍රී ලංකා අගමැති සහ ඔස්ටෙ‍්‍රිලියා අභ්‍යන්තර කටයුතු ඇමති අතර සාකච්ඡා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සදහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියා අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය පීටර් ඩටන් මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

ඕස්ට්‍රේලියා අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය පීටර් ඩටන් මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහාත් අනවසර සංක්‍රමණික ව්‍යාපාර වැළැක්වීම සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා කෙරුණා. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිය සුබපැතුම් පිරිනැමුවා.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් එරට රජය කළ ආරාධනය ද අග්‍රාමාත්‍යවරයා භාරගත්තා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්