fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල ආරක්ෂාවට පුළුල් වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:21

විදුලිබල ආරක්ෂාවට පුළුල් වැඩසටහනක්

පසුගිය වසර හයක කාලය තුළ විදුලි සැර වැදීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව සියයට 50 කින් අඩුවී තිබෙනවා.

2012 වසරේදී විදුලි සැර වැදීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 186 ක්. එහෙත් 2018 වසරේදී එම මරණ සංඛ්‍යාව 89 ක් දක්වා අඩුවී ඇති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පරීක්ෂණ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ මහතා ප‍්‍රකාශ කළේ.

පසුගිය වසරේදී විදුලි සැර වැදීම් වලට ලක්ව ඇත්තේ පිරිමි පාර්ශ්වයයි. එය සියයට 83 ක්. විදුලිසැර වැදී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ දකුණු පලාතෙන්. එය සියයට 67 ක්. අඩුම මරණ සංඛ්‍යාව සබරගමුව පලාතෙන් වාර්තාවී ඇති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.

විදුලිබල ආරක්ෂාව වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව නව නීති, රෙගුලාසි සහ ප‍්‍රතිපත්ති නිර්දේශ ගණනාවක්ම හඳුන්වාදී තිබෙනවා. විදුලි පේනු සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීම, ප‍්‍රධාන විදුලි රැහැන් සහ ඉදිකිරිම් අතර පැවතිය යුතු ආරක්ෂිත පරතර පිලිබඳ රෙගුලාසි සහ විදුලි කාර්මිකයන් සඳහා වෘත්තීයමය බලපත‍්‍රයක් හදුන්වාදීමත් ඒ අතර වන බවයි කොමිසම සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2019 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo