පූඩලු ඔය තැපැල් කාර්යාල සේවකයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ දිනපතා ලැබෙන ලිපි අයිතිකරුවන්ට බෙදා නොහැර ගිනිතබා විනාශ කිරීමේ චෝදනා යටතේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී බෙදාහැරිම සඳහා ලබාදී තිබූ ලිපි 300 ක් පමණ ඔහුගේ නිවසේ තිබී හමුවූ බව පොලීසිය ප්රකාශ කළා. සැකකරු පූඩලු ඔය තැපැල් කාර්යාලයේ ස්ථිර සේවකයෙකු ලෙස කටයුතු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.