අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානය සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉන්දීය ආරක්ෂක අංශ සදහන් කරනවා.
මෙම ගුවන් යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වන විටත් වාර්තා වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එම ගුවන් යානය තුළ හමුදා භටයින් 13 දෙනෙකු සිට ඇති බව සදහන්. ඒ එන් 32 වර්ගයේ ගුවන් යානා ඉන්දියාව තුළ නිෂ්පාදනය නොකරන බවත් අතුරුදන් වූ ගුවන් යානය ඉතා පැරණි ගුවන් යානයක් බවත් ආරක්ෂක අංශ සදහන් කරනවා. මෙම ගුවන් යානය ඇසෑම් ප්‍රාන්තයේ චීන දේශසීමාව ආසන්නයේ අතුරුදන් වුණේ පසුගිය සදුදායි.