අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය පීටර් ඩටන් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇති ද්වීපාර්ශ්වික මිතුදම වඩාත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සදහා සහාය දෙන බවයි පීටර් ඩටන් මහතා ප්‍රකාශ කළේ. නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව ද ඒ මහතා අදහස් පළකළා. ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළකළා.