මාසයකට නිවාස 331 ක බැගින් ඉදිකිරිමේ සැලැස්මක්
Related Articles
නිවාස ලොතරැයි දෙකක් හදුන්වාදීම තුළින් මාසයකට නිවාස 331 ක් ඉදිකිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ කළුතර දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.
අඩු ආදායම් ලාභීන් ලක්ෂ හයක් සදහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. ඊට සමගාමීව කළුතර දිස්ත්‍රික් වැඩසටහන අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කළුතර දිස්ත්‍රික්කයේ විසිඑක් දහසක් සදහා සමෘද්ධිය ලබාදීම මේ යටතේ සිදුකෙරෙනවා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.