fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර අවසන් වන විට කොළඹ නගරය තුළ පැල ලක්ෂයක් සිටුවීමට පියවර

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 17:22

වසර අවසන් වන විට කොළඹ නගරය තුළ පැල ලක්ෂයක් සිටුවීමට පියවර

කොළඹ නගරය නීල හරිත නගරයක් බවට පත් කරමින් මේ වසර අවසන් වන විට පැල ලක්ෂයක් සිටුවීමට කටයුතු කරන බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පවසනවා.  කොළඹ පැවති රුක් රෝපණ වැඩසටහනකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

හෙට (05) දිනයට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කරගෙන රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වුණා. කොළඹ නගරසභාව එය සංවිධාන කර තිබුණා. කොළඹ නගර සභාවේ වැඩබලන කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 17:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්