fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දුන් තවුහිද් ජමාද් සංවිධානයේ සැකකරු යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 15:33

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දුන් තවුහිද් ජමාද් සංවිධානයේ සැකකරු යළි රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයෙකු වූ තම ඥාති පුත‍්‍රයා ඇපමතට මුදාහරින ලෙස ඉල්ලා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙක හමාරක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙසයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (04) නියෝග කළේ. අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම මගින් සැකකරු පසුගිය මස 5 වනදා අත්අඩංගුවට ගත්තේ ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදල් ලබාදෙමින් සිටියදී. සැකකරු පිලිබද වැඩිදුරටත් පරික්ෂණ මෙහෙයවන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්