fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීම ලබන 6

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 15:20

නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීම ලබන 6

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට බලපෑම් සිදුකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 6 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලීමක් ද සිදු කළා. එම සංගමය පවසන්නේ මෙම පෙත්සම ජාතික වැදගත්කමකින් යුත් නඩු කටයුත්තක් බැවින් විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පත් කළ යුතු බවයි.  මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.  පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය සහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්