එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග අද පැවැත්වෙනවා.
එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ හත්වන තරගය මෙයයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක්රීඩාංගනයේදී ආරම්භ වනවා. පළමු තරගයට ක්රිඩා කළ ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සහිතව මෙම තරගයට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ. ශ්රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්රනාන්දු ආරම්භක පිතිකරුවෙකු ලෙස එක්විමේ වැඩි ප්රවණතාවක් පවතිනවා. දගපන්දු යවන ක්රීඩක ජෙෆ්රි වැන්ඩසේ ද අද තරගයට එක්වනු ඇති. කෙසේ වෙතත් තණ තිරුව නිරික්ෂණය කිරිමෙන් අනතුරුව සංචිතය තිරණය කරන බවයි එහි සිටින ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා ITN ප්රවෘත්ති අංශය වෙත පවසා සිටියේ. තරගය පැවැත්වෙන කාඩිෆ් ප්රදේශයේ වළාකුළු සහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවයි එරට කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. තරගයේ ජයග්රහණයට කාසියේ වාසිය තිරණාත්මක සාධකයක් වනු ඇති බවයි ක්රිකට් විචාරකයින් පවසන්නේ.