fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැළි කසළ බැහැර නොකරන්නැයි ඉල්ලා හැටන් ප්‍රදේශවාසීන් විරෝධතාවක

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 12:41

කැළි කසළ බැහැර නොකරන්නැයි ඉල්ලා හැටන් ප්‍රදේශවාසීන් විරෝධතාවක

හැටන් දික්ඔය නගර සභා සීමාවේ එක්රැස් කරන කැළි කසළ රොසැල්ල ප්‍රදේශයට බැහැර නොකරන ලෙසට ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.

කෙසේ වෙතත් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ මේ තුළින් පරිසර හානියක් සිදු නොවන බවයි. හැටන් දික්ඔය නගර සභාවට අයත් ප්‍රදේශයේ දිනපතා කැළිකසළ ටොන් තුනකට ආසන්න ප්‍රමාණයක් එක්රැස් වනවා. මෙම කසළ බැහැර කිරීම සඳහා රොසැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් වසර තුනක් සඳහා කුළී පදනම මත ලබා ගැනීමටයි නගර සභාව කටයුතු කළේ. එහි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ ආයතනවලින් අනුමැතිය ද ලබාගෙන තිබෙනවා. එහෙත් රොසැල්ල ගම්වැසියන් පවසන්නේ මේ තුළින් පානීය ජල ගැටලුව ඇතුළු අපහසුතා මතුවන බවයි. මේ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බලක්‍රිෂ්ණන් මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ තුළින් පානීය ජලයට හෝ වෙනත් කිසිදු අයුරකින් පරිසරයට හානියක් සිදු නොවන බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්