බලශක්ති සංරක්ෂණය සදහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කාර්යක්ෂම භාවිතය පිලිබද ජාතික වැඩසටහනක් හදුන්වාදීමයි අරමුණ.
ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව මෙහෙයවන වැඩසටහනට සියලු අමාත්‍යාංශවල සහාය හිමිව තිබෙනවා. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු , සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල බලශක්ති කළමනාකරණයක් පත්කිරිමත් සැලසුම්වලට අයත්.
ඔවුන්ගේ සහායට බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා. ඉන් වාර්ෂිකව ගිගාවොට් පැය 300 ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂා කරන බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ.