බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක්ව සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අතර අද දිනයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් සහ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම් සම්බන්ධයෙන්. ඒ සදහා බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ජෙරමි හන්ට් ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන අමාත්‍යවරු කිහිප දෙනෙකු ද සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ දෙවන එළිසබත් රැජින පැවැත්වූ භෝජන සංග්‍රහය සඳහා ඊයේ රාත්‍රියේ සහභාගී වුණා. ඒ බකින්හැම් මාළිගයේදීයි. ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සදහා චාල්ස් කුමරු, විලියම් කුමරු සහ කේට් කුමරිය ඇතුළු රාජකීය පවුලේ පිරිසක් එක්ව සිටියා. මේ අතර ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර