පාස්කු ඉරිදා ප්රහාරයෙන් බලපැම් එල්ල වූ ළමුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමේ පත්රිකාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්රාමාත්ය කාර්යාලය ප්රකාශ කළා.
ප්රහාරයේදී ආබාධිත වූ දරු දැරියන් හා දෙමව්පියන් මිය යාම හෝ ආබාධි වීම නිසා බලපෑමට ලක්වූ දරුවන් වෙනුවෙන් විශේෂ ළමා අරමුදලක් පිහිටුවීමයි අරමුණ. එය රුපියල් මිලියන 500කින් සමන්විතයි. µමම කටයුතු අධික්ෂණය හා ක්රියාත්මක කිරිමට අග්රාමාත්ය ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් විශේෂ කමිටුවක් පිහිටුවන බවයි අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ.
නිවේදන.