බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක්ව සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන එළිසබත් රැජින පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා සහභාගී වුණා. ඒ බකින්හැම් මාළිගයේදීයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ලෝකයේ සුරක්ෂිතතාව සහ සශ්‍රීකත්වය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍යයන් දෙකක් බවයි. ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සදහා චාල්ස් කුමරු, විලියම් කුමරු සහ කේට් කුමරිය ඇතුළු රාජකීය පවුලේ කිහිප දෙනෙකුම සහභාගී වුණා. ඇමෙරිකා ජනාධිපතිවරයා දින 3 ක සංචාරයක් සදහායි බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙන්නේ. ඉන් අනතුරුව දෙවන ලෝක යුද්ධයේ නෝමැන්ඩ් මෙහෙයුමේ 75 වන සැමරුම් උත්සවය සදහා ප්‍රංශය බලා පිටත්ව යනු ඇති.