මෙම වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය සමත් වන සියලුම සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ට සිප්දොර ශිෂ්‍යත්වය ලබා දෙන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. මීට පෙර මෙම ශිෂ්‍යත්වය ලබා දුන්නේ තෝරාගත් දරුවන් පිරිසක් සඳහා පමණයි.
පවුල් ලක්ෂ 6 කට සමෘද්ධි හිමිකම් ප්රදානය කිරීමේ ජාතික වැඩපිළිවෙළකට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පහළොස් දහසකට සමෘද්ධි හිමිකම් ලබා දීම සිදුකෙරුණා. ඒ දයා ගමගේ හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසර හතර තුළ සමාජ සුබසාධන වැඩපිළිවෙළ වෙනුවෙන් රජය විශාල මුදලක් ලබා දී ඇති බවයි මෙහිදී අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=LcnVVqXpLeg&feature=youtu.be”]