මාවනැල්ල ප්රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල දිසා මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
මාවනැල්ල ප්රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටියා. ඔවුන් අද මාවනැල්ල දිසා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කෙරුණේ.