හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුලු 3 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ වාචික දේශන ඉදිරිපත් කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද ආරම්භ වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සිය වාචික දේශන ඉදිරිපත් කිරීම ආරම්භ කළා. ඒ අනුව වැඩිදුර වාචික දේශන ඉදිරිපත් කිරීම ලබන 7 වනදාට කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ හා ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. ඒ ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.