අධිකරණ නියෝගයක් ඇත්නම් සීමා නිර්ණ ක්රියාදාමයකින් තොරව කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙනුවෙන් අධිකරණයට මේ බව දැනුම් දුන්නේ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතායි. මැතිවරණය කඩිනමින් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් හා සබරගමුව හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ගොනු කළ රීට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ මෙම අදහස් පළ කෙරුණා. මෙම පෙත්සම් අගෝස්තු මස 2 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා. මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ගොනු කළ පෙත්සම් කිහිපයක් ලබන 17 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා.