fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දරුවකු සිදු කළ අසත්‍ය ප්‍රචාරයක් නිසා ගුවන් යානයක් පසුපස ජෙට් යානා දෙකක් ලුහුබඳී

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 15:36

දරුවකු සිදු කළ අසත්‍ය ප්‍රචාරයක් නිසා ගුවන් යානයක් පසුපස ජෙට් යානා දෙකක් ලුහුබඳී

පිලීපිනයේ සිට සිංගප්පුරුව බලා ගමන් ගත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ප්‍රචාරය වීම හේතුවෙන් එම යානය පසුපස ප්‍රහාරක ජෙට් යානා දෙකක් ලුහුබැද යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිලිපීනයේ සිට සිංගප්පුරුව දක්වා ගමන් කරමින් තිබු  ටී.ආර් 385 දරණ ගුවන් යානයේ යි මෙම බෝම්බ බිය පැන නැගි තිබෙන්නේ. එම අවස්ථාවේ දී එම ගුවන් යානයේ මගීන් 144 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. එම යානයේ සිටි 13 හැවිරිදි කුඩා දරුවකු සිදු කළ අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් මෙය සිදු වී ඇති බවයි පසුව අනාවරණය වුණේ. යානය කිසිදු අනතුරකින් තොරව ගොඩ බැස්වීමට කටයුතු කළා. ඉන් අනතුරුව එම දරුවා ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්